”බැඳුම්කරයට සරසවිවල ඊපීඑෆ් කෝටි 88ක්‌ ඇදලා” – කීර්ති තෙන්නකෝන්

0
88

 

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් වැඩි මිලට බැඳුම්කර මිල දී ගැනීම සඳහා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් රුපියල් කෝටි 88ක මුදලක්‌ යොදවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් අනාවරණය කරයි.

මෙම ගනුදෙනුව නිසා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් දශලක්‍ෂ 140ක්‌ පමණ බව ද ඔහු පැවසී ය.

කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ ඔහු පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රුපියල් 112 බැගින් මිල දී ගත් බැඳුම්කර විනාඩි කිහිපයක්‌ ඇතුළත රුපියල් 121 බැගින් විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට අලෙවි කර ඇතැයි ද පැවසීය. එම විනාඩි කිහිපය තුළ සමාගම එක්‌ බැඳුම්කරයකින් ලබා ඇති ලාභය රුපියල් 09ක්‌ යැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම පාඩුව පියවා ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ගෙවන පොලිය 15% සිට 10.5% දක්‌වා අඩුකර ඇතැයි ද මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ රුපියල් ලක්‍ෂ පනහක ශේෂයක්‌ පැවැති සාමාජිකයකුට සිදුවන පාඩුව රුපියල් හත්ලක්‍ෂයක්‌ පමණ යැයිද විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය.

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ පහළොස්‌ දහසකට අධික පිරිසක්‌ මෙම අරමුදලට දායක වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here