“රට තුළ යළි ඒකාධිපති පාලනයකට ඉඩක් නැහැ” – ජනපති මෛත්‍රී අවධාරණය කරයි

0
46

 

ඒකාධිපති පාලනයකට සහ ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටී.

2015 ජනවාරි 8 වනදා මෙරට ජනතාව රටේ පාලනයේ වෙනසකට දායක වුයේ එදා රට තුල මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම අත්දැකීම් අමතක වූ පිරිස් යළිත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 8 වනදා රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටී.

අද(21) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කරනු ලැබීය..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියාසිටියේ ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් වර්තමානයේදී රට තුළ තහවුරු කර ඇති බව ය.

පන නැති පාලනයක් ලෙසට වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සමග යන ගමනක් බව ඔවුන් සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර අතර ලැබී ඇති නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වැරදි අන්දමින් භාවිත කරමින් රජයට පහරදීමට ඇතමුන් කටයුතු කළ ද රටේ උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුදෙනා එක්කර ගනිමින් රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් කියා සිටියේ.

ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිතුමා පවසයි.එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (21) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමග යන ගමනක් බව ඔවුන් සියලුදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලුදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

Posted by Maithripala Sirisena on Thursday, June 21, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here