රූපවාහිනි අභ්‍යාස ආයතනය ජනපත්‍රි මෛත්‍රී යළි ශ්‍රි ලංකා පදනම් ආයතනයට පවරා දුන් ඇත්ත කථාව හෙළි වෙයි

0
262

ශ්‍රි ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනය(SLTTI) යනු ශ්‍රි ලංකා පදනම් ආයතනය සතු අධ්‍යාපනය ඒකකයක් වන අතර 1983 ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඔප්පු අංක 060726 යටතේ නෛතිකව පවරා දෙන ලද්දකි. මෙම ඉඩම සහ ගොඩනැගිල්ල අක්කර 1ක් සහ පර්චස් 29වන අතර එය පදනම් සතු ඉඩමක් වන අතර ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කිසිදු ගෙවීමකින් තොරව දීමනාවක් වශයෙන් ප්‍රදානය කොට පවරා දෙනු ලැබූවකි.

.මෙම ආයතනය චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ පාලන සමය ජනමාධ්‍ය අමාත්‍යංශයටත් සහ යළිත් පදනම් ආයතනයටත් පවරා තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර යළි පදනම් ආයතනය වෙත පවරා ගැනීමට කටයුතු කරන ලදී.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ දී මෙම ආයතනය නැවත ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ගත් අතර එහි අධ්‍යක්ෂකවරයා වූ උදාර පල්ලියගුරු යටතේ එය දූෂණ සහ වංචාවන් සිදු වූ හොර ගුහාවක් ලෙස ක්‍රියාත්මක විය.

මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරු පත් කරනු ලැබුවේ සමාජය පිළිගත් උගත් බුද්ධිමත් කලාවට හිතැති පුද්ගලයින් ය.නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ උදාර පල්ලියගුරු අධ්‍යක්ෂක කිරිම නිසා එම ආයතනයේ ගරුත්වය මුළුමනින්ම පහළට වැටුණු බව රහසක් නොවේ.

මෙලෙස දූෂණ වංචා සහ අක්‍රමිකතා මැද ක්‍රියාත්මක වූ මෙම ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමට හේතු වූයේ ධර්මසේන පතිරාජ මහතාගේ අභාවයෙන් පසු මෙම ආයතනය දවසින් දවස ආකාර්යක්ෂම වන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමත් විශාල භුමී භාගයකින් යුත් මෙම ආයතනය කුඩා ගොඩනැගිල්ලක් සහ කොන්ත්‍රාත් පදනමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව ක්‍රියාත්මකවීම ජාතික අපරාධයක් වන නිසාවෙනි.

විශේෂයෙන්ම 2013/12/18 වන මෙය නැවත පදනම් ආයතනයට පවරා දෙන මෙන් සහ එයට සුදුසු කුලියක් සහ ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය මගින් ජනමාධ්‍ය අමාත්‍යංශයට ද දන්වා තිබුණි. පදනම් ආයතනට ලාභය සහ කුලිියවත් ගෙවා නොමැති අතර එමගින් වැඩි ප්‍රයෝජන ගනු ලැබූවේ ජනමාධය අමාත්‍යංශය වන අතර විදේශ රටවලින් ලැබෙන ශිෂ්‍යත්වවලින්ද විශාල ප්‍රයෝජනයක් ජනාමාධ්‍ය අමාත්‍යංශය නිකරුණේ ලබා ගන්නා ලදි.

මේ අතර ශ්‍රි ලංකා පදනම් ආයතනය සහ එය සතු ශ්‍රි ලංකා අභ්‍යාස ආයතනයද ජනරජයේ රාජ්‍ය නායකයාගේ වගකීම් යටතට පාර්ලිමේන්තුවේ අංක 31/1973 දරණ පණතෙන් පවරා ඇති මෙම දේපල කිසි විටෙක වෙනත් අරමුණු කරා පැවරිය නොහැකි බව ද සදහන් කර තිබේ.

නිතීපතිවරයා දන්වා ඇති ආකාරයට මෙලෙස පදනම් ආයතනය සතු ඉඩම සහ ගොඩනැගිල්ල ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීම නීත්‍යානුකූල නොවන බව ය.එලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල සහ ඉඩම නැවත පදනම් ආයතනය පවරා ගැනීම තුළ තිබෙන්නේ නීතියට අනුකූලව මෙම පැවරීම යළි සිදු කර ඇති බව ය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here