2025 ඉලක්ක කරගෙන වැඩ කරන්න ජනපති මෛත්‍රීගෙන් නිදහස් පක්ෂයට උපදෙස්

0
187

2025 තෙක් අදාළ වන පරිදි නව ව්‍යාපෘති යෝජනා සකස් කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

එම උපදෙස් මත යමින් තරුණ තරුණියන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අගෝස්තු මාසයේදී ‘විසඳුම’ නමින් මාර්ගෝපදේශක ආයතනයක් පිහිටු වීමට නියමිත බවත් ඔහු පැවැසීය.

ජනාධිපති මෙහෙයුම් කමිටුවක් මඟින් මෙම ආයතනය මෙහෙයවීම සිදු කරන අතර ඉදිරියේදී නීත්‍යනුකූලව මහජන ආයතනයක් ලෙස එය නීති ගත කිරීමටද කටයුතු සම්පාදනය කරන බවත් ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රැකියා සම්බන්ධ ගැටලු මූලික වශයෙන් විසඳීම මෙම ආයතනය මඟින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රට පුරා මේ ආයතනයේ ශාඛා 14,000ක් පමණ පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

හිට්ලර් පාලනය ගැන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

හිට්ලර් පාලනය ගැන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

Posted by SLRC News on Friday, June 22, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here