කොත්තුවේ ගෙඹි මස් – චිකන් වෙනුවට ගෙඹි මස් දුන්න හෝටලය(PHOTOS)

    0
    291

    අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආපන ශාලාවකින්  ඊයේ (23) රාත්‍රියේ මිළදී ගත් චිකන් කොත්තුවක ගෙබ්බෙක් තිබී සොයා ගෙන තිබෙනවා. අදාල කොත්තුව මිලදී ගත් කාන්තාව එහි කොටස් වලට කැඩී ගිය ගෙම්බෙකු සිටින බව දැක ඒ පිළිබඳව  අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.

    පසුව අදාල කොත්තුවද රැගෙන  අම්බලන්තොට මල්පෙත්තාව ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා සහ අම්බලන්තොට කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත සිද්ධිය සම්බන්ධව ආපන ශාලාවේ හිමිකාරිණියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ආපනශාලා හිමිකාරිණිය ලබන 25 වැනිදා හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here