ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කරන්න,ජනපතිට මඩ ගහන්න රනිල් ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීරට මුදල් දුන් හැටි

    0
    488

    ශ්‍රි ලංකාව තුළ තහනමට ලක්ව ඇති ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘ වන සදරුවන් සේනාධීර සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

    මෙම හමුව එංගලන්තයේදී පැවැති අතර හදිසි අවස්ථාවක් මතු වුවහොත් පමණක් ස්කොට්ලන්තයේදී හමුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

    අතිශය විශ්වාසනීය ආරංචි මාර්ග පවසා සිටින්නේ මෙම හමුව එංගලන්තයේදී පැවැති බවත් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සදරුවන් සේනාධීරට පවුම් 25,000ක මුදලක් ලබා දී ඇත.

    මෙම මුදල ලබා දී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරිමට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපයට හානි කිරිම සදහා බව වාර්තා වේ.

    එම ව්‍යාපෘතිය සදරුවන් භාර ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අතර සුහද හමුවක් පැවැති අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව ද සාකච්ඡා වී ඇත.

    මෙම හමුව ඉතා සාර්ථක ලෙස පැවැති අතර ඔවුන් දෙදෙනා එකග වූ පරිද්දෙන් යළි හමුවීමට කතිකා කරගෙන තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here