ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ

0
280

පොසොන් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් පනස් හයවන වරටත් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වන (27) දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

මිහින්තලා පුදබිම වෙත පැමිණ ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව විදුලි පහන් දල්වා ආලෝක පූජාව විවෘත කළේය.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන්වන රංජිත් සියඹලාපිටිය, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුථ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මිහින්තලා පුදබිමට සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් නිර්මාණය කර පූජා කළ වලානේ උපුල් සමන්ජිත් පෙරේරා මහතා වෙත සහ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමාව පූජාකළ මොරටුවේ සනත් සුදර්ශන යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

Image may contain: 6 people, people smiling, people standing

Image may contain: 7 people, people sitting and outdoorImage may contain: 4 people, people standing

Image may contain: 5 people, people sitting

Image may contain: 10 people, people standing

Image may contain: 8 people, people smiling, people standing and outdoor

Image may contain: outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here