අගමැතිගේ ආරක්‍ෂක නිලධාරීන් ඇලෝසියස් දුන් චෙක්පත් මාරු කර හැටි අසාද් සාලි හෙළි කරයි

0
115

පර්පේච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයකටද චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බව ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි සදහන් කරයි.

එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් යයි ඔහු පවසයි.

ඇලෝසියස්ගෙන් මුදල් නොගත්තේ නම් ඒ බව ප‍්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here