කුලියාපිටියේ බෝම්බ ප්‍රහාරයක් – 04ක් තුවාලයි

0
175

කුලියාපිටිය – බොයිංගමුව ප්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ (01) රාත්‍රීයේ  එල්ල කල අත් බොම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හා එම නිවසේ පදිංචිව සිටින බාල පුත්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසීය ප්‍රකාශ කළේය.

ප්‍රහාරයෙන් තුවාල ලැබු සිව් දෙනා අතර කාන්තාවක්ද සිටින අතර ඔවුන් මේ වන විට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි.

සැකකරු ඊයේ රාත්‍රීයේ විවාහ උත්සවයකට සහභාගි වී වෙරි මතින් පැමින මෙම බොම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර මේ වන විට ඔහු  ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරු වසර කිහිපයකට පෙර යුධ හමුදාවේ සිට පොදු සමාව යටතේ සේවය අතහැර ගිය පුද්ගලයෙකු බව අනාවරණ වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කුලියාපිටිය පොලිසීය සොදේසි මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here