විජයකලා මහේෂ්වරන් ඉවත් කිරිමට ජනපති මෛත්‍රී තීන්දුව දෙයි

0
341

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශය පිළිබද සොයා බලා ඒ පිලිබදව වාර්තාවක් ලබා දෙන ලෙස අද උදැසන ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර පසුව අද සවස ඒ පිලිබදව වාර්තාවක් අග්‍රමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත.ඉන් පසුව ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය දරණ අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමටය.

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උනුසුම් කතා බහ නිසා  පාර්ලිමේන්තුව හෙට (4) සවස දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.

ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයට අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here