පොහොට්ටුව සමාජිකාභිෂේකයෙන්ම හොරකම ඇරඹූ හැටි හෙළි වෙයි

0
245

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි නාඋල ප‍්‍රාදේශිය සභාවේ පසුගිය වාර්තාවේ පැවති මිල ගණන් දැක්වීමක් හේතුවෙන් පැවැති මහ සභා රැස්වීම එකම කාලගෝටිටියක් බවට පත්වූ බව වාර්තා වනවා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි නිමලසිරි බන්ඩාර මහතා කියා සිටියේ ‘ පුර නැගුම ’ වැඩසටහන යටතේ පසුගිය දා බහුකාර්ය ගොඩනැගිල්ල වීවෘත කරන ලද උත්සවයට රැගෙන ආ වතුර බෝතල් 40 කට රුපියල් අට දහසක් (8000) ගෙවා ඇති බවයි.
ප‍්‍රකාශයත් සමගින් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිනි.

ගෝෂාව මැද්දේ මන්ත‍්‍රි නිමලසිරි බණ්ඩාර මහතා කියා සිටියේ කේක් කිලෝ 20 කට රුපියල් 7600 ක්,දොදොල් කිලෝ 10 ට රුපියල් 3500 ක්, කිරිබක් කෑලී 300 ක් සදහා රුපියල් රුපියල් 6000 ක්, ආස්මී 30 ක් සදහා රුපියල් 3000 ක් වශයෙන් බිල් ගෙවා ඇති බවයි.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරයා කියා සිට ඇත්තේ එය මුද්‍රණ දෝෂයක් බවයි. නමුත් පසුගිය ආණ්ඩු කාලයේ හොර බිල් දමමින් මුදල් ගැරූ අතීතයක් හිමි බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයින් යලි තමන්ගේ සුපුරුදු කෙරුවාව පටන් ගෙන තිබෙන බවනම් ජනතාවට වැටහෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here