පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව නඩු 05ක් ගොනු කර තිබෙන බව යසන්ත කෝදාගොඩ කියයි

0
137

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන 05 කට සිදුව ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමයෙන් අය කර ගැනීම සඳහා සිවිල් නඩු 05 ක් ගොනුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මේ බව කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ සලකා බැලූණු අවස්ථාවේදී ය. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here