බුකිය කළඹවමින් තරුණ තරුණියන්ගෙ හිස් මතින් සාමනේර හිමියන් වැඩි හැටි(PHOTOS)

    0
    191

    කිසියම් පුණ්‍යයමය අවස්තාවකට සාමනේර හිමිවරුන් වැඩමවන අවස්තාවක ඡායාරූපයක් මේ දිනවල සමාජජාලා වෙබ් අඩවියන්හි කතාබහට ලක්ව තිබෙනවා

    මෙහිදි තරුණියන් පිරිසකගේ කොණ්ඩය මතින් සාමනේර හිමිවරුන් වැඩමවීමට කටයුතු යොදා තිබුනා. කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජජාලයන්හි ප්‍රචාරය වීමත් සමග බොහෝ දෙනෙක් ඒ පිළිබදව විවිධ අදහස් දක්වා තිබුනා.

    මෙම සිදුවීම බෞද්ධ සංස්කෘතිය ඇසුරෙන් විද්වත් මතය විමසීමට නෙත් ගොසිප් අප ශාස්ත්‍රපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සම්බන්ධ කර ගත්තා. එහිදි උන්වහන්සේ දැක්වූ අදහස් පහතින්,

    ” මෙවැනි සිදුවීම් පිළිබදව අප ඇතැම් තැන් වල සහ ඉතිහාස කතාවන්හී අසා තිබෙනවා, නමුත් එවැනි සිදුවීමක් අප දුටුවේ පළමු වරටයි.. අපමහා ලොවුතුරා ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමට විවරණ ලබා ගන්නේ දීපංකර බුදුන් වහන්සේ ඉදිරියේ, එදා සූමේධ තාපසයා දීපංකර බුදුන්වහන්සේ ඉදිරියේ බිම දිගාවී උන්වහන්සේට වැඩම කිරීමට ලබා දුන්නා. 

    තවද අප අසා තිබෙනවා තුන් රුවන කෙරෙහි ඇතිවන දැඩි ශ්‍රද්ධාවෙන් පාපිස්නා බිස්සක් සේ සිටි අවස්‍තා. ඒ සියල්ල සිදුවන්නේ තුන් රුවන කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසයි. 

    ධාන පූණ්‍යකර්මයකදී ගෘහ මුලීකයා විසින් සංඝ රත්නයේ පා දෝවනය කරනවා. මෙහිදි සැබැවින්ම සිදුවන්නේ මානය නැමැති කුණු සෝදා හැරීමයි.

    කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලාට කාන්තාවන් ස්පර්ශ කිරීමට නොහැකියි. මෙහිදි එවැනි ස්පර්ශ කිරීමක් සිදුව නැතත් මාගේ මතය නම් එම ස්වාමීන් වහන්සේලා මෙහිදි එම උපාසක උපාසිකාවන් පිරිනැමූ ගෞරවය පිළිගෙන එලෙසින් හිසකෙස් මතින් වැඩම කිරීම ප්‍රතික්ෂේප කළා නම් වඩා හොඳයි කියලා”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here