ජනපති මෛත්‍රීගෙන් ඓතිහාසික තීන්දුවක්-මරණ දඩුවම යළි ක්‍රියාත්මකයි

0
1092

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාවට අද (10) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සදහා මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

මෙරට ඉතිහාසයේ උල තැබීම, හිස ගසා දැමීම, දියේ ගිල්වා මැරීම ඇතුළු මරණ දඬුවම ලබා දෙන ක්‍රම පැවතියද, පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත්තේ 1812 වසරේ පෙබරවාරි 10 වැනිදා ය.

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. එසේ වැලිකඩදී එල්ලා මරණ ලද්දේ ජේ.ඒ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවාය. එතැන් පටන් අද වනතෙක් වසර 42ක පමණ කාලයක් එල්ලුම් ගහ ක්‍රියාත්මක් වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here