මාලිංගත් යළි නොඑන්නම යන ලකුණු

0
130

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බව වාර්තා වේ. කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට විදෙස්ගතව සිටින ලසිත් මාලිංග මෙරටට පැමිණි වහාම මාධ්‍ය හමුවක් කැඳවා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට හෙළිවේ. මාලිංග ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත අතර, සමුගැනීමෙන් අනතුරුව ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවටද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here