ජනපති පුත් දහම් සිරිසේන අසරණ පවුලකට නිවසක් ලබා දෙමින් ආදර්ශයක් දුන් හැටි

    0
    1551

    ඉතිහාසයේ ජනතාව පීඩාවට පත් කරමින් ජනතාවගේ බදු මුදලින් සුර සැප වින්ද ජනාධිපති පුතුන් සිටිය රටක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අසරණ පවුලකට පිහිට වෙමින් සිදු කළ සමාජ සත්කාරයක් පිළිබදව සමාජ ජාල තුළ කතාබහට ලක් වෙමින් පවතී.

    අප මේ කියන්නට යන කතාව ඇසෙන්නේ මහවැලි D කලාපයේ මැදිරිගිරිය, බිසෝපුර පදිංචි සම්පත් ලෝචන අබේරත්න මහතාගේ දුප්පත් පුංචි පවුල ගැනය.බොහෝ දුෂ්කරතා පීඩා මැද දිවි ගෙවි මෙම පවුල දෙසට දහම් සිරිසේන මහතාගේ අවධානය යොමු වන්නේ ඔවුන්ගේ අසරණ කැදැල්ලට නව එළියක් ලබාදීමේ අරමුණිනි.

    මේ අනූව එම පවුල වෙනුවෙන් දහම් සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකර දුන් නව නිවස ඔවුන් වෙත භාරදීම අද (12) දහම් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    ස්ථීර ආදායම් මාර්ගයක් ද නොමැතිව අසීරුවෙන් දිවි ගෙවන මෙම පවුලේ අනාගතය වෙනුවෙන් දහම් සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන්  මෙම නව නිවස ඉදිකර දී තිබේ.

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here