බැසිල්ගේ බිරිද පුෂ්පා රාජපක්ෂට ලක්ෂ 194ක් ලබා දුන් බව චීන සමාගම පිලිගනියි

0
213

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට (පුෂ්පා රාජපකෂ පදනම) රුපියල් 19,410,000 (රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක්) (ඩොලර් 150,000) ලබා දුන් බව චීනයේ සී.එම්. පෝර්ට් (CM Port) සමාගම මගින් කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය කියා සිටී.

පුෂ්පා රාජපක්ෂ පදනමට රුපියල් ලක්ෂ 194කට අධික මුදලක් ලබාදී ඇති බවට පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද හෙළි කරනු ලැබීය.

කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉදිකිරීමට අදාළ එකඟතාවට පැමිණීමෙන් බොහෝ කාලයකට පසුව අදාළ මුදල පරිත්‍යාග කළ බවත්, ඒ වනවිටත් ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබුණු බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here