ශිරන්ති රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට – ඒකාබද්ධයේ ප්‍රබල වෙබ් අඩිවියක් පුවත තහවුරු කරයි

    0
    385

    ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරනති රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල වෙබ් අඩවියක් වන ලංකා C නිව්ස් වාර්තා කර තිබේ.

    ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇති වෙමින් තිබෙන මත ගැටුම් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව එම වෙබ් අඩවිය සදහන් කර සිටී.

    සිරිලිය සවිය කාන්තා සංවිධානය තුළ ශිරන්ති මහත්මියට බරපතල චෝදනා එල්ල වී ඇති අතර එම ගිණුමේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් තිබූ එම මුදල් වලට සිදු වූ දෙයක් අද වන විටත් හෙළිදරව් කර ගැනීමට නොහැකි වී තිබේ.විශේෂයෙන්ම වසීම් තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් ඇයට බරපතල චෝදනා එල්ල වී තිබේ.

    මේ අතර ශිරන්ති රාජපක්ෂ යුනෙස්කෝව මගින් ප්‍රංශයේ සංවිධානය කර තිබූ වෙසක් උත්සවය වෙසක් උත්සවය ආරාධනාවක් මත එම රටට ගිය අතර එහිදි සිදු කරනු ලැබූ අති විශාල නාස්තිකාර වියදම් පිළිබදව ද ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබිණි.මෙහිදී ශිරන්ති රාජපක්ෂ විසින් හෝටලයේ නවාතැන් ගැනීම සහ එහි තිබූ මිනි බාර් භාවිත කිරිම සදහා 2014 මැයි 20 සහ 24 යන දවස් 04 තුළදී ඒක්කෝටි අසූහත් ලක්ෂ තුන්දහස් තුන්සි හැට දෙකක් පමණ වියදම් කර ඇති අතර එම වියදම ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් ගෙවා තිබේ.

    එම පුවත පහතින්

    http://www.economynext.com/Sri_Lanka%E2%80%99s_ex_first_lady_spent_millions_to_watch_Vesak_in_Paris-3-7882-10.html

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here