මහින්ද ලංකාවේ සල්ලි වලින් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට සැප දුන්න හැටි මෙන්න

0
150

මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රි ලංකාවට සහාය දැක්වීම සදහා ශ්‍රි ලංකා රජයේ වියදමින් සුඛෝපභෝගී නිවාඩුගත කිරීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමෙන් පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කළ බවට චෝදනා එල්ල වූ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට සභාවාර 30ක් සදහා පාර්ලිමේන්තු තහනමක් පනවා ඇත.

අගමැති තේරේසා මේගේ ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට හවුල් වී සිටින ,ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය නියෝජනය කරන ඉයන් පේස්ලිට පැනවූ තහනමත් සමග තේරේසා මේ අගමැතිනියගේ පාර්ලිමේන්තු බලය තවදුරටත් පවත්වාගෙන යාම අභියෝගයක් වනු ඇත.

අවස්ථා දෙකකදී මෙම මුදල් ප්‍රමාණය ඉයන් ෆේස්ලි මහතා වෙත ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරිම හේතුවෙන් ඉයන් පේස්ලි මහතාට මසත කාලයක් සදහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුව ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here