මොරගහකන්ද කුලසිංහ ජලාශය ලෙස නම් කරමින් කළු ගග දියවර මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව අවසන් වෙයි

0
179

ශ්‍රි ලංකා වාරි ඉතිහාසයේ නවමු සටහනක් එක් කරමින් මොරගහකන්ද කළු ගග ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතියට දායාද කරනු ලැබීය.දශක 05කටත් අධික කාලයක් පුරා මෙරට ජනතාවගේ සිහිනයක් වූ මෙම ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර 768ක පමණ වපසරියක් ජලයෙන් තෙත් කරන අතර පරාක්‍රම සමුද්‍රය මෙන් 06 ගුණයක් විශාල ය.කෝටි 23000ක දැවැන්ත ආයෝජනයක් මෙම ව්‍යාපෘතියට යට කර තිබේ.

මෙම ජලය උතුරුමැද, වයඹ, නැගෙනහිර හා උතුරු පළාත් සඳහා යොමු කෙරෙන අතර මෙරට මුල් බැසගෙන තිබෙන වකුගඩු රෝගයට ද පිළියමක් වේ.

කළුගග සංවර්ධන ව්‍යාපෘතියට අනුව ඉදිකෙරෙන විශාල හා දීර්ඝ උමං මාර්ග තුනක් ඔස්සේ මෙම කලාපය වෙත ජලය රැගෙන යාමට නියමිතය. එසේම එමගින් ඉදිවන නව මහ වැව් ගණන අටකි. තවද මෙමගින් එල්ලංගා පද්ධති ඇතුළු වැව් 2,000ක් පමණ ජලයෙන් පෝෂණය වීමට නියමිතය. මෙම ලොකු කුඩා වැව් වල වසර පුරා අඛණ්ඩව ජලය රඳවා තබා ගැනීමේ හැකියාව නිසාම, හෙක්ටයාර 84,000ක පමණ භූමියක අලුතෙන් යල හා මහ යන දෙකන්නයේම ගොවිතැන් හා වගා සිදු කිරීමේ පහසුව උදා වේ.

මොරගහකන්ද ජලාශයේ සමාගාමී ජලාශය වන්නේ කලූගඟ ජලාශයයි. මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 40 ක් පමණ ඈතින් කලූගඟ හරහා ‘පල්ලේගම’ නමින් හැඳින්වෙන ප්‍රදේශයට කිලෝමීටර් 04 ක් පමණ උතුරු දෙසින් ප්‍රධාන වේල්ලක් හා අතුරු වේලි දෙකක් ඉදිකිරීම මගින් කලූගඟ ජලාශය නිර්මාණය කෙරේ. කලූගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල ගල් පිරවීම මගින් ඉදිකරනු ලබන අතර එය දිගින් මීටර් 546 ක් ද උසින් මීටර් 67 ක් ද මුදුනත පළල මීටර් 08 ක් ද වේ. සැදලි වේලි අංක 01 දිගින් මීටර් 238 ක් ද උසින් මීටර් 47 ක් වන අතර අංක 02 සැලදි වේල්ල දිගින් මීටර් 65 කි.

කලූගඟ ජලාශය වර්ග කිලෝමීටර් 84 ක ප්‍රදේශයක් පුරා පැතිරෙන අතර ජලාශයේ ධාරිතාවය අක්කර අඩි 216,000 ක් වන අතර සක්‍රීය ධාරිතාවය අක්කර අඩි 170,000 ක් වශයෙන් සැලකේ.

අද උදෑසන 8.30ට ජනාධිපතිතුමන් මොරගහකන්ද ව්‍යාපෘති ප්‍රදේශයට සම්ප්‍රාප්ත වූ අතර ජලාශයේ වම් ඉවුරේ නෙලන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඉන් අනතුරු ව ජනාධිපතිවරයා විශේෂ අවස්ථාවකට සැපැමිණි අතර එහිදි මොරගහකන්ද ජලාශය සිහිනයක් කිරිමට කැප වූ ආචර්ය කුලසිංහ නමින් නම් කරන ලද ජලාශයේ නාම පුවරුව නිරීක්ෂණයට ද එක් විය.

ඉන්පසුව ජනාධිපතිවරයා අතින් මොරගහකන්ද ව්‍යපෘතියෙන් නිකුත් වන ජලය ජාතික විදුලිබල පද්ධතියට විධිමත් පරිදි එක් කිරීමද සිදූ වූ අතර ඉහළ ඇළහැර ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක් විය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ පැහැදිලි කිරීම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.මේ අතර මොරගහකන්ද ගීතය ගායනා කිරීම මෙයට සමගාමීව සිදු විය.

Image may contain: 1 person, outdoor

Image may contain: 9 people, people smiling, people standing and outdoor

Image may contain: 21 people, people smiling, people standing and crowd

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, standing, child and outdoor

Image may contain: 3 people, people standing and food

Image may contain: 3 people, people standing and food

Image may contain: 10 people, people smiling, people standing and outdoor

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here