විජයකලාගෙන් පැය 03ක් ප්‍රශ්න කරයි

0
164

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැය තුනහමාරකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ‍ප්‍රකාශය සම්බන්ධයෙනි.

මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ යාපනයේ පිහිටි ඇයගේ කාර්යාලයේදී බව වාර්තා වේ.

අදාළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඉකුත් සමයේ රටපුරා දැඩි කතාබහක් මතු විය. ඒ සමගම විජයකලා මහේෂ්වරන් දැරූ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඇයට අහිමි විය. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කමිටුවක් විසින්ද පරීක්ෂණයක් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here