ග්‍රාම ශක්ති සාර්ථකව ඉදිරියට – කෑගැල්ලට ජනපති ඊයේ වෙළෙද උද්‍යානයක් ලබා දුන් හැටි

0
118

ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් ගම්මානවල නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවිය සඳහා කෑගල්ලේ රුපියල් මිලියන හැටපහක වියදමින් නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් දියත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දිළි`දුකම පිටුදැකීමෙ ජාතික වැඩසටහන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමට ඊයේ (25දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ අරමුණු ඇතිව ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය සබරගමු පළාතේ ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධයෙන් මම සතුටු වෙනවා. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ දරිද්‍රතා මට්ටම් ලංකාවේ සමස්ත දරිද්‍රතා මට්ටම්වලට වඩා ඉහළ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්නා. දුප්පත්කම තුරන් කිරීම සඳහා ග්‍රාම සේවා වසම් තෝරා ගැනීමේ දී දේශපාලන සම්බන්‍ධතා සැලකිල්ලට ගත්තේ නෑ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු මත දිළිදුකම වැඩිම වසම් තමයි තෝරාගෙන තියෙන්නේ.

ඔබ සැමගේ දායකත්වය සහ කැපවීම ඉතාමත්ම අගය කරනවා. රජය විදියට සැලසුම් සහ ප්‍රතිපත්ති ඉහළින් පටන් ගත්තත්,ප්‍රධාන වශයෙන්ම ඒ කටයුතුවල සාර්ථකත්වය තියෙන්නේ ක්‍ෂෙත‍්‍රය තුළ ක්‍රියාකාරිත්වය මතයි. දිසා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ සියලු දෙනාගේ ක්‍රියාරීත්වය මම අගය කරනවා. සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් මේ ස`දහා දක්වන සහයෝගය ඉතාම වැදගත්. මේ කාර්යයේ කඩිනම් කිරීමේ වැදගත්කම අපි සෑම කෙනෙක් ම පිළිගන්නවා.

ප්‍රජාවගේ අවශ්‍යතා මත ඔවුන් විසින්ම තීන්දු තීරණ ගැනීමෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි මෙහි මූලික පසුබිම් වූ කරුණු විදියට ඔබ අප කවුරුත් දකින්නේ. දිස්ත්‍රික්ක දෙකෙන්ම ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගැනීමේ දී, කලින් ලබාදුන් මුදල් වගේම දිස්ත්‍රික්ක දෙකටම අදත් මුදල් ලබාදෙනවා . එ වගේම මහජනතාවගේ ස්වේච්ඡා සංවිධාන හා පෞද්ගලික ආයතන කිහිපයක් සමග අපි අද ගිවිසුම් අත්සන් කරනවා.

නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරිම සම්බන්‍ධව කෑගල්ල දිසාපතිවරයා යෝජනාවක් ගෙනාවා. ඒ සඳහා වැය වන රුපියල් මිලියන හැට පහක මළු මුදලම ලබාදීමට මම තීරණය කරනවා. ඉන් මිලියන විසිපහක් මේ සතියේම නිදහස් කරන්නම්. ඒ මිලියන විසිපහේ ප්‍රගතිය පෙන්නුවට පස්සේ ඉතිරිය එවන්න පුළුවන්.

ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිවලට මුදල් ලබාදෙනවා. තව විශේෂිත ව්‍යාපෘති තියනවනම් කියන්න මුදල් ලබාදෙන්නම්. මේ ගැන හැමෝ ම කැපවීමකින් හා අවබෝධයකින් යුතුව ක්‍රියා කරනු ඇතැයි මා විශ්වාස කරනවා“යැයි එහිදී ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෑගල්ලට ජනපතිගෙන් ලැබෙන තෑග්ග

කෑගල්ලට ජනපතිගෙන් ලැබෙන තෑග්ග

Posted by Live at 7 on Wednesday, July 25, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here