මොනරාගල සිසුවිය දූෂණය කර ගුරුවරයා පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්

0
1441

මොණරාගල ප්‍රදේශයේ රජයේ විද්‍යාලයක ඉතිහාස ගුරුවරෙයෙක් හා පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු ඊයේ රාත්‍රියේ මොනරාගල පොලීසිය අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනයේ ඔවුන් ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මොවුන් මොණරාගල මධුරකැටිය විද්‍යාලයේ ඉතිහාසය ගුරුවරයා වන හෂාන් රත්නායක හා සුනෙත් ප්‍රියන්ක හෙට්ටිගොඩ නැමති අයවළුන් වේ.

මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන  ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී තිබුණා.

සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා. තවද මොනරාගල කලාපයේ දක්ෂතම ගුරුවරයා ලෙස ජනාධිපති සම්මාන ලබා ඇති හෂාන් රත්නායක ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමක හිතෙවතුකුද වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය පලකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් වන මේ පුද්ගලයින් සිය දේශපාලන බලය පෙන්වා ප්‍රදේශයේ කටයුතු කරන බවද අනාවරණ‍ය වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here