2020ත් ජනපති මෛත්‍රීමයි -එජාපය ජනපති වටා එක් වෙයි

0
167

ජනවාරි 08 මැතිවරණයෙන් එවකට පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කිරීමට සදහා කැප වූ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයක් යළි ජනාධිපතිවරයා වටා එකතු වෙමින් සිටී.

විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරයා යටතේ අරඹා ඇති සංවර්ධන සංග්‍රාමය හේතුකොටගෙනමෙම පිබිදීම ඇති ව තිබේ.එක්සත් ජාතික පක්සයේ ප්‍රබලයින් වන මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර,උසස් අධ්‍යපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ,අමාත්‍ය පී හැරිසන්,අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,බුද්ධික පතිරණ යන අය ඊයේ දිනයේදී දැක්වූ අදහස් අනුව මේ බව පෙනී යයි.

මේ හේතුකොටගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රිලනිප සහ එජාප සන්ධානය යන යළි බල මුළු ගැන්වීමත් නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් පවා ජනාධිපතිවරයා වටා නැවත එක් වී තිබේ.

මෙහිදි විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ අපේ රටේ ඉතිහාසයේ මේ වගේ රුපියල් කෝටි 6000ක් වියදම් කරලා ව්‍යාපෘති 180ක් විවෘත කිරීම කවදාවත් දැක නැති බව ය.මෙම දිනය මුළු මහත් ශ්‍රි ලංකාවට වැදගත් දිනයක්,ඇයි මම මෙහෙම කියන්නේ.අපි යුධ ජයග්‍රහණය කරාට අපි ආර්ථිකයෙන් වැටුනා,සංස්කෘතියෙන් වැටුණා,අපි අධ්‍යාපනයෙන් පල්ලෙහාට ආවා,අපේ මිනිසුන්ගේ ගුණ ධර්ම නැති වුණා,අපි ජාත්‍යන්තර වශයෙන් කොන් වෙච්ච ජාතිකයක් බවට පත් වුනා,අපි නිදහස නැති මිනිස්සු බවට පත් වුණා,ලියන්න,කියන්න,කතාකරන්න ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙච්ච අපි අසරණ ජාතියක් බවට පත් වුනා, එ වගේ මොහතක නැවතත් මේ රට නගා හිටවන්න නායකත්වය දෙන්න ඉදිරිපත් වුනේ තමුන්නාන්සෙලාගේ නායකයා මේ රජරට ගොවි පුත්‍රයා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

“මහජනතාවගේ මුදල් වැය කරලා අපි අපේ නම ගහගන්න හදනවනම් ඒ දේශපාලකයාගේ කොහේ හරි පුස්සක් තියනවා, හිස්තැනක් තියනවා… මේ ජනාධිපතිතුමාගේ එහෙම එකක් නැහැ… අපේ රටේ ලක්ෂ හයක ජනතාවගේ ජීවන මාර්ග දැන් සුරක්ෂිතයි විජේදාස රාජපක්ෂ මහතාතම අදහස දක්වනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරඹා තිබෙ සංවර්ධන සංග්‍රාමය පිළිබදව අදහස් දැක්වීමේදී සජිත් ප්‍ර්‍රේමදාස මහතා කියා සිටින්නේ රණසිංහ ප්‍රේමදාස චරිතය මතක් වන බවය.වැඩි දුරටත් අදහස් දක්වන එතුමා කියා සිටිනේ ක්ෂණික ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් ලබා දෙමින් ජනාධිපතිවරයා ගෙන යන මේ ගමන අද රටට අවශ්‍ය වන ප්‍රධානම දේ බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ක්‍රියාකලාපයන් තුළින් දක්ෂ කාර්යශූර,ජන හද හදුනන නායකයෙක් බව ඔප්පු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.

අමාත්‍ය පී හැරිසන් මහතා මේසේ කියා සිටියේ ය.පසුගිය ආණ්ඩුව රතුපස්වල ගම්පහ දිස්ත්‍රික්කයේ වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපුවම වෙඩි තියලා දැම්මා.වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරනවාට කමයි ඒ ගොල්ලෝ වෙඩි තිබේබේ.දැන් මොරගහකන්ද ජලාශය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හැදුවම කළු ගග ජලාශයේ ජලය පුරවන්න හැදුවහම හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා ඒක මගේ සංකල්පයක් මගේ හීනයක් කියලා,හැබැයි එතුමා ඒ හීනය දැකලා තියෙන්නේ උඩින් ඇවිල්ලා පින්තූරයක් අරගෙන.ඒ හීනේ හැබෑ කෙරුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.අනුන්ගේ ඒවාට උප්පැන්නේ දෙනවා දැන්.මහින්දා රාජපක්ෂ මං දැක්කා පහුගිය දවසක කියලා තියෙනවා එතුමාගේ නම ඉවත් කරගෙන යනවා නවෝද්‍ය පාසල්වල නම ගහපු.හැබැයි මේ ඉස්කෝලේ මෛත්‍රීපාල සිරිසේන කියලා නමක් ගහලා බෝඩ් ගහලා නෑ.

.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම ඉවත් කෙරුවේ නාමල් රාජපක්ෂ මහත්තයා මහනුවරට ගිහිල්ලා දළදා මාලිගාව ඉස්සරහ රේස් පැදලා අර රුසියන් ගෑනු ටිකක් ගෙන්නලා නටවලා ඔක්කොම කරපුවම බෞද්ධ ජනතාව එදා තීන්දු කෙරුවා මහින්ද රාජපක්ෂගේ නම ඉවත් කරන්න.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට රතුපස්වල මිනිසුන්ට වෙඩි තිබ්බහම ඒ පැත්තේ මිනිස්සු මහින්ද රාජපක්ෂගේ නම ඉබේම ඉවත් කරා

ශිරන්ති රාජපක්ෂ නෝනා සිරිලිය ගිණුමෙන් හොරකම් කරලා තමන්ගේ අකවුන්ට් වලට ඒ සල්ලි ටික දාගත්තහම මිනිස්සු තීන්දු කෙරුවා රාජපක්ෂ මහත්තයාව ඉවත් කරන්න යනුවෙන් කියා සිටියේ ය.

විඩීයෝ පහත ලින්ක් එකෙන් නැරඹිය හැක

http://vlanka.net/%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92-08-%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here