“සැබෑ මාධ්‍ය භුමිකාවකට නව ආරම්භයක්”- ශිරාල් ලක්තිලක

0
75

මෑතකදී දේශපාලනයට ළුක් වෙමීන්, හිටපූ ජනාදීපති “බැරක් ඔබාමා” ප්‍රකාෂ කොට සිටියේ “දේශපාලනය විසින් වියුක්ත සත්‍ය නැතහොත් සැබෑ සත්‍ය වීකෘති කර දමන බවය” ඔබාමා එසේ ප්‍රකාශ කොට සිටියේ වර්තමාන ජනාධීපති ඩොනල් ප්‍රම්ප් ගේ දේශපාලන හා සන්නිවේදන කලාවට විවේචනයක් එල්ල කරමිනි. සැබවීන්ම දශක ගණනාවක් තිස්යේ ලාංකික දේශපාලනය තුළ සිදුවවේමින් පවතින්නේ ද මෙයමය.

අද අප සාකච්ජා කීරිමට බලාපොරොන්තුවන්නේ, මෙවන් වූ දේගපාලනයක් වීසින් දේශපාලනීකරණය වූ “මාධ්‍ය” පිළිබඳවය. එම මාධ්‍ය විසින් රටේ ඉදිරි ගමනට, සංවර්ධනයට සහ මානව ගතිපැවතුම්වලට සිදුකරන්නා වු බලපෑම පිළිබඳවය. ජනතාව සිතන්නේ තමාගේ සිත් ගත් මාධ්‍ය සෑම වීටම තමන් වෙත සත්‍ය සන්නිවේදනය කරන බවකි. එසේම මාධ්‍යකරුවන් සිතන්නේ ද තමන් ජනතාව වෙත නිවැරදි තොරතුරැ සම්ප්‍රේෂණය කරන බවකි.ඒ අර්ථයෙන් බහූවිධ ජනමාධ්‍යයන් සමාජයට සන්නිවේදනය කරන්නේ, තමන් නිරන්තරයෙන් නියෝජනය කරන්නේ ජනතාවාදි මතය බවකි. එකී වීශ්වාසය තහවුරැ කරගැනීම පිණීස බොහෝ ජනමාධිය විවිද උපක්‍රම රාශියක් භාවිත කරනු ලබයි. ඒ අතර වාමවාදීත්වය, දේශප්‍රේමිත්වය , පරිසර හිතකාමීත්වය, දුෂණ විරෝධීත්වය, ග්‍රාමීයව බලසතු නොවූ ජනතාවාදීත්වය ආදිය ප්‍රමුඛන්වයක් ගනී.

බෝහෝ මාධ්‍ය නාලිකා අධීරාජ්‍යවාදීන්ට එරෙහිවිම, සිංහලයාට එරෙහිව කරන කුමන්ත්‍රණ, ඇමරිකානු විරෝධීත්වය, මුදලාලිකරණයට ඵරෙහිවිම , දූෂිත දේශපාලනික චරිත වැනි සංකල්ප සමාජගත කරන්නේ, තම ප්‍රවෘත්තිය තුළ සතුරෙකු පිළිබඳ ප්‍රතිරෑපයක් මැවීම හරහා ගොඩනගන ලද පණිවිඩය තීව්‍ර ලෙස සන්නිවේදනය කිරිම සඳහාය.

තිරසර සංවර්ධන ඉලක්ක සහ අවම වශයෙන් ඉදිරි දශකය තුළ සංවර්ධිත රටක් බවට පත්වීමේ ඉලක්කයන් පෙරදැරිව ගමන් කරන්නනා වු සමාජයක් ලෙස අප ඉදීරියට යන්නේ නම්, ජනමාධ්‍ය පිහිටුවිය යූතු වන්නේ බල දේශපාලනය හා පූරවැසියා අතරමැදය. ඒ භුමිකාව වෙනුවට අද වන විට මාධ්‍ය ඉටු කරමින් සිටින්නේ දේශපාලන සමාජයේ අද්වකාත්වරයෙකූ ලෙස පෙනී සිටිමයි. අපගේ වර්නමාන උදවේගජනනීය මාධ්‍ය කලාව සෑමවිටම මතු කරන්නේ සත්‍ය නොවේ. වර්තමානයේදී අප දැක ඇනි පරිදි මාධ්‍ය විසින් ඉංශ්‍රීසි අධීරාජ්‍යයේ ක්‍රියාකාරකම්, කලු අතීතයක් ලෙස වාර්තා කරයි. එහෙත් 1829 දී කෝල්බෘෘක් – කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ අතර අදටන් අපට වැදගන් වන නිර්දේශයක් ඵළි දක්වා නිබේ.ඵම නිර්දේශයේ සඳහන් කරන්නේ ආණ්ඩුකාරයාගේ අන්තනෝමනික බලතල අඩුකිරිම සඳහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුන්වාදීමට අමතරව ඉංශ්‍රීසි ආණ්ඩුව භා සමාජය අතර බල තුලනයක් හා සංවරණයක් ඇති කිරිම සඳහා පුවත්පත් රටට හදුන්වාදීම අවශ්‍ය බවයි.

සැබවීන්ම, මෙම නිර්දේශ මගින් කියාපාන්නේ අද දවසේ අප භාවිතා කරන්නා වු මාධ්‍ය යනු “සිවු වන ආණ්ඩුව වන්නේය” යන සංකල්පයයි. මේ අනුව පෙනී යන්නේ අපව පාගාගෙන සිටි සුද්දන් ද හොඳ සංකල්ප අපට දායාද කොට තිබෙන බවය. ඵකී නීර්දේශවල ප්‍රතිපලයක් ලෙස ලංකාචේ පළමු මුද්‍රිත පුවන්පන වු “කලම්බු ජර්නල් “ සුදු පාලකයින්ගේ මෙහෙයවීමෙන් වර්ෂ 1832 දී ලංකාවේ ප්‍රකාශයට පත්විය. ඉන්පසුව විසිවන ශතවර්ෂයේ ආරම්භයේදි ඉංශ්‍රීසි පුවත්පත් 13 ක් බිහිවූණි.කෙසේ නමුන් එකල තිබු සැබෑ ස්වදේශික අවශ්‍යතාවය සලකා 1918 දී ඩි. ආර්. වීජේවර්ධනයන් “සිලෝන් ඩේලී නිවුස් පූවත්පත “ ආරම්භ කළේය. ඉන්පසුව 1912 දි “දිණමීණ පුවත්පත “ ද 1932 දී “සිළුමිණ පූවන්පත” ද ආරම්භ කරන ලදී.

ලංකාවේ ජනමාධ්‍ය කලාවට පවතින්නේ වසර 100 ක තරම් වූ ඉතිහාසයකි . නමුත් ලෝක මුද්‍රිත කලාවට ඊට වඩා දෙගුණයක් වු ඉතිහාසයක් පවතින්නේය. පළමුව අනින් ලියු පුවත්පතක් 16 වන සියවසේදී වෙනීසිය මුල් කොටගෙන බිහි වුයේය. පළමු මුද්‍රිත පුවත්පත බීහිවන්නේ 1609 දී ජර්මනියේදීය. ඵම පුවත්පත් කලාව මගින් ලෝකයට මුද්‍රිත මාධ්‍ය සම්ප්‍රදායක් බිහිවන්නේය. ලාංකික මුද්‍රිත මාධ්‍ය තුළ ද එදා මෙදා තුර යෝධයින් රැසක් බිහිකොට නිබේ. ඒ අනර මාර්ටින් වික්‍රමසිංහ, ඩි. බි. ධනපාල, පියසේන නිශ්ශංක, මීමන පේ‍ර්මතිලක වුනී සිංහල කර්තෘවරුන් ද හුළුගල්ල, ඩෙන්සීල් පීරිස් වැනි ඉංශ්‍රීසි කතුවරුන් ද ප්‍රමුඛ වන්නේය. ඔවූහු එදා වර්තමානයට අවැසි මාධ්‍ය පූර්වාදර්ෂ බීභිකරන් ලද්දේ නිසි වෘන්නිය හා ආවාර ධාර්මික පරාසයක් තුළ එල්බගෙන සිටිමිනි.

එදා මාධ්‍ය භුමිකාව පීළිබඳව කතාකරන වීට අවධානය යොමු වන්නේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳව පමණකි. නමුන් අද වන විට එකි තත්වය වෙනය් වී සංකිර්ණ වී නිබේ. එකි මාධ්‍ය භුමිකාව පසු කලෙක ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළින් නිරැපණය කරමින් සිටී. ඒ අනුව අද අප දකින්නේ ඵදාට වඩා හරයෙන් ද ප්‍රමාණයෙන් ද වෙනස් ජනමාධ්‍ය භුමිකාවකි.නමුන් තවමන් අද අප කතා කරන්නේ මුද්‍රිත මාධ්‍යයට අදාළ වු මාධ්‍ය නිදහස පිළිබඳවය. වගකිම් පිළිබඳව කතා කරන්නේ ද පැරණි නීනි රිනි අනුසාරයෙනි. වෘන්නීය ආචාර ධර්ම හා මාධ්‍ය සදාවාරය පිළිබඳව සාකව්ජා කරන්නේ ද විසිවන සියවසේ මුද්‍රිත මාධ්‍ය තුළ ගොඩනගාගත් එකගතා හා ආවාර ධර්ම අනුසාරයෙනි.

මුද්‍රිත මාධ්‍ය ඵදා පැවතියේ කර්තාවරයෙකූ යටතේය. අද වන විට කර්තෘගේ භුමිකාව පුවත්පත් හිමියාගේ භුමිකාව මගින් විස්ථාපනයකට ලක්කොට තිබේ. නුතන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හසුරවන්නේ ද ආයතන හිමියාගේ අනුදැනුම මත වෙළඳපොළ පිළිබඳ සංවේදී විධායක නිලධාරියෙකී. අනෙක් අතට සමාජ මාධ්‍ය ගත් කල ඒවා හසුරැවන්නේ තනි පූද්ගලයින්ගේ සිතූවිලි හා අදහස් නියෝජනය කරන කර්තෘවරැන් ලක්ෂ ගණනකගෙනී. ඒ අනුව ගන් කල මාධ්‍ය භූමිකාව පිළිබඳව ඒවායේ වෘන්තිමයභාවය පීළිබඳව හා ආවාර ධාර්මිකභාවය පිළිබඳව සමාජගත කරන තොරතුරු පිළිබඳව සාකව්ජාවක් අවශ්‍ය නොවන්නේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකි වන්නේය.

එදා කර්තෘවරුන් කතු වැකිය ලියුචේ, ජානික වශයෙන් වැදගන්, පොදු යහපත පිළිබඳ අරමුණ පෙරදැරි කොටගන්, පාඨකයින් දැනුවත් කිරිම සඳහාය. වර්තමානයේ කතූ වැකි බොහෝ විට වේන් වන්නේ දේශපාලන කඳවුරක් මතු කරන සටන් පාඨයකට මුල්තුන දීමටය. ඒ අනුව එදා ගෞරවනීය වු කතු වුකිය අද වන විට දේශපාලන අත්පත්‍රිකාවකට ලක්වී තිබේ. එදා වාර්තාකරණයේදී මුලාශ්‍රයට මුල්තුන් ලුබුණේය. නමුන් අද බොහෝවිට පළවන්නේ මුලාශ්‍රයක් නොවු වාර්තාකාරයෙකූ නොමැනි ප්‍රවෘන්නීන්ය.

ඵදා කර්තෘවරයා යනු යෝධයෙකි. සත්‍යයේ ප්‍රනිභම්භයකි. ඵදා කර්තෘවරයා යම් ප්‍රතිපත්තියක් මත පිහිටා පුවත්පතේ හරය හා ප්‍රකාශනයේ ස්වාභාවය පීළිබඳව තිරණය කරනු ලැබුවේය. එහෙත් අවාසනාව නම් මේ වන විට ඒ සියල්ල තිරණය කරන්නේ කර්තෘවරයා වෙනුවට මාධ්‍ය හිමියාය. එදා ජනමාධයවේදින්ට වෘත්තියභාවය භා ආවාර ධර්මයන් පදනම් කරගන් වාර්තාකරණය, සිය මුල් ගල වූයේය. ඵකී වෘන්නියභාවය හා ආවාර ධර්මයන් පදනම් කරගන් වාර්තාකරණයට වඩා අද වැදගන් වන්නේ දේශපාලනය හා බල සම්බන්ධතා ජාලයයි. මුද්‍රිත මාධ්‍ය හරහා ගෙනහැර දැක්වු මෙම වෙනස ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළ විමසා බැලීමේදී එය තව තවන් වැඩි වි ඇනි බව අවවාදිතයි . කෙසේ නමුන් මෙකි මාධ්‍යකරණ භුමිකාව වෙනස් විය යුතුව නිබේ. නව මාධ්‍යකරණයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට නම් දුරදර්ශි වෙනස්කම් ගණනාවක් හඳුන්වා දිය යූතුව නිබේ.

එවැන්නක පළමු පියවර වන්නේ, ප්‍රවෘත්ති වල හා විචාරයන්ගේ පොදු ගුණාන්මකභාවය වර්ධනය කීරිමයි. එභිදි, ප්‍රවෘත්තියක ඇති ප්‍රවෘත්තිමය හා ජාතික වැදගන්කම වෙනුවට දේශපාලනික වැදගත්කමකට මුල්තුන් දීමේ ප්‍රවණතාවය පිටුදැකිය යුතුය.

දෙවැන්න නම්, ලාංකීය මාධ්‍ය බොහෝ විට යම් ජන වර්ගයකට හෝ ආගමකට පාර්ශිකව වාර්තාකරණයේ යෙදීමෙන් වැළකිය යුතුය. තුන්වන්න නම්, අපේ ජනමාධ්‍ය බොහෝ විට බහුතර මතවාදයට පමණක් ඉඩදීමත් , සුළුතරයේ මතය වාරණය කිරිමන් ලෙස දැක්වීය හැකිය. ඵම ලක්ෂණය දේශපාලන, සංස්කෘතික හා පාරිහෝගික ආදි බෙහෝ ක්ෂේත්‍රවලට එකසේ අදාළ වන්නේය.

හතරවැන්න නම්, අද ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇනි බුද්ධීමය පදනම වන සහේතුකත්වය, මානව ප්‍රගතිශීලීත්වය, සදාචාරාත්මකභාවය හා නූතනත්වය වැනි විශිෂ්ට පීළිගැනීම්වලට අසංවේදීභාවයක්, තම වාර්තාකරණය තුළ දී පෙන්නුම් කිරිමයි. එවැනි ආවාර ධාර්මික පුවත්පතක් අනීතයේදි අපට නොනිබුණා නම්, ඔබ්සර්වර් පුවත්පතට කොලමක් ලියූ “තාර්සි විට්ටච්ඩි “ 1958 ජානිවාදී කෝලහලය පිළිබඳව ඉමර්ජන්සි 58 නැමති ලේඛනය නොලියන්නට ඉඩ තිබිණි . “ජානුස් ” නමින් ඩේලි නිවුස් පුවත්පතට කොලමක් ලියු ඩී. බි. ධනපාලයන්, ඩී. ආර්. විජයවර්ධන සමග ඇති කරගන් ප්‍රතිපත්තිමය නොඑකඟතාවයක් මත ලේක් හවුසියෙන් ඉවත් වී “ලංකාදීපය “ ආරම්භ කරන්නට මුල් නොවන්නට ඉඩ තිබුණේය.

නමුන් මේ සියලු සම්ප්‍රදායන්ගෙන් බැහැර වූ , හුදෙක් මාධ්‍ය හිමිකරුවන්ගේ අණසකට යටන් වී ඇති වර්තමාන මාධ්‍යයේ විවිද හැඩතල මගින් අපට කියන්නේ එකම කතාවකි. එනම්, මාධ්‍යකරණය තුළ මිනීසුන් ආවේගාත්මකභාවයට පත් කරන බොරැ දේශපේ‍ර්මීත්වය , අධීරාජ්‍ය ඩිරෝධය, සූදු වීරෝධය, ඇමරිකන් වීරෝධය, ධනේෂ්වර වීරෝධය, ඕපාදුප , ගුප්ත විද්‍යාව වැනි සංකල්පයන්ය .ඇමරිකානු අධීරාජ්‍යයේ කලු බව අවධාරණය කරන ජනමාධ්‍ය, නුතන චීන අධීරාජ්‍යවාදයේ දුඹුරු බව සමාජයට හෙළි කරන්නේ නැත. එමෙන්ම, ඉන්දියාව ගැන සෑම විටම කියවෙන්නේ, කිසීසේත් විශ්වාස නොකළ යුතු, ගෙදරට වද්දා නොගත යුතු බලවේගයක් ලෙසටය. රටේ ඇති – හැකි අය වේතොන් ඔවුන් සූරා කන්නන් බවය. ජනතාවගේ ආවේගීත්වය තියූණු කරන මෙවන් වාර්තාකරණයේ අවසාන අරමුණ වන්නේ දේශපාලනිකව වාසි ලබා ගැනීමය. එම ප්‍රවණතාවය මේ වන විට හානීකර අන්දමින් අප සමාජය ආක්‍රමණය කර නිබේ. අද වන විට ලාංකික දේශපාලන සමාජය සිවිල් සමාජ අවකාශය ආක්‍රමණය කොට තිබේ. ඒ නීසා අද අපට සමාජය තුළ දැකගත හැකි වන්නේ ජන්ද දායකයන් පමණකී. ඔවුන්ට පූරවැසි න්‍යාය පත්‍රයක් නොමැත .

අපේ මාහාචාර්යවරැන් ද වෘත්තිකයන් ද උගතූන් ද සාමාන්‍ය ජනතාව ද සිතන්නේ,තමන් ඇල්මක් දක්වන දේශපාලන පක්ෂයේ කටයුතු පීළිබඳව පමණකි. එමනිසා අද ජනමාධ්‍ය ක්‍රිරියාන්මක වන්නේ එම පාඨකයාගේ වෙළෙදපොල මත පිහිටමීනි. මෙම ප්‍රවණතාවය මුද්‍රිත මාධ්‍ය තුළ මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යට ද එක ලෙස අදාළ වන්නේය. එහෙත් කණගාටුවට කරුණ නම් මාධ්‍ය ආයතන, දේශපාලන බලය පසූපස හබා යෑමෙන් සැබැ මාධ්‍ය කලාවට සිදූවන අගතියයි.

එමෙන්ම අපට සැබෑ තොරතුරු දැනගුනීමට ඇති නිදහස නැති කොට නිබේ. ඒ නිසාම ජනමාධ්‍යයට තවදූරටන් සමාජ සංවර්ධනයේ පෙර ගමන්කරුවෙකු ලෙස, සමාජය දැනුවත් කරමින්, වඩාත් පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරිමට ඇති ඉඩකඩ හීන වී ගොස් නිබේ. ඒ නිසාම, සමාජ ප්‍රශ්න සඳහා නිසි ආකල්ප සෙවීමට ඇති හැකියාව ද අපට අභිමී වී තිබේ. ඵසේම ජනමාධ්‍ය විසින් දේශපාලන සමාජය හා පූරවැසි සමාජය අතර, අතරමැදී භුමිකාවක නිරතවීම හේතුවෙන් පූරවුසියාගේ අයිනිවාසිකම් දිනාගැනීමේ හැකියාව ද වීයැකෙමීන් තිබේ.

සමස්තයක් ලෙස පොදු යහපත පීළිබඳව අවශ්‍යතාවය අද දේශපාලනීකරණයක් දක්වා ලක්වි තිබේ. මාධ්‍ය සන්නිවේදන භූමිකාව තූළින් සැබෑ ලෙසම ජනතාව බල ගැන්වීමට අවශ්‍යවන්නේ නම් අද අපට තව ආරම්භයක් අවශ්‍ය වී නිබේ. දේශපාලන අදීකාරිය පසූපස ගමන් කරන, කොන්ද කැඩුනු මාධ්‍යකරණයක් වෙනුවට, ජනතාව හා දේශපාලනය අතර භූමිකාව සම්පුර්ණ කිරීම මගින් සැබෑ වෘත්තීමය සදාචාරයක් සහ තිරසර සමාජයකට පාර කියන මාධ්‍ය භුමීකාවක් සඳහා අප කථිකාවතක් ඇරබිය යූතුව තිබේ.

-නීතිඥ ශිරාල් ලක්තිලක-
-සැබෑ- 2018-08-05

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here