කාන්තා යට ඇදුමක් නිසා බස්නාහිර පලාත් සභාව උණුසුම් වෙයි

0
148

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය.

ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම තේවත්ත කුරුස හංදියේ සිට වලාපොල දෙසට යන මාර්ගයේ මුල් කොටසේ අවිධිමත් කානු පද්ධතියක් තිබීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට උරණවී ඩෝල්ටන් මන්ත්‍රීවරයා මෙසේ කාන්තා තනපටයක් ප්‍රදර්ශනය කළේය.

තමාගේ නිවස ඉලක්ක කරගෙන පෞද්ගලිකව මඩ ගැසීමේ අදහසින් මහින්ද ජයසිංහ මහතා පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මෙම ප්‍රශ්නය යොමු කර තිබෙන බවත්, මහින්ද ජයසිංහ මහතා චීත්ත වැඩ සිදුකරන බවත් ජානක ඩෝල්ටන් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේය.

ජානක ඩෝල්ටන් මහතාගේ මෙම හැසිරීම සම්බන්ධව අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වූ අතර ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේ පළාත් සභාව තුළට පැමිණීමේදී ආරක්ෂක අංශ විසින් මන්ත්‍රීවරුන්ගේ මුදල් පසුම්බි පවා පරීක්ෂාවට ලක් කරන බැවින් ඩෝල්ටන් මහතා කාන්තා යට ඇඳුමක් සභාව තුළට රැගෙන ආ ආකාරය ගැන සොයා බැලිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here