මාලිංග යළි කැදවයි

0
200

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.

කෙසේ නමුත් තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයාගේ තීරණය මත මාලිංගගේ සහභාගීත්වය තීරණය වන බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (05දා) අවසන් වූ තෙවැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කළ විමසීමකදී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලාන්, “මම හිතන්නේ ලෝක කුසලාන සංචිතයේ ලසිත් මාලිංග ඉන්නවා. නමුත් එතැනින් එහාට මට කථා කරන්න බැහැ. ඒක තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු සහ නායකයා ඔවුන්ගේ සංයුතිය අනුව තීරණය වෙන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මාලිංග මේ විස්සයි20 තරගය (දකුණු අප්‍රිකාවට එරෙහි) ක්‍රීඩා කරයි කියලා” යැයි පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here