මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සිරස සහ දෙරණ එජාපයට පහර දීම අනුමත කළ හැකි ද?

0
96

දුම්රිය වැඩ වර්ජනය වූ දිනයේ කොටුව දුම්රිය පොල ස්ථානයේදී කාන්තාවක් විසින් වර්ජනයට අදාල නොවෙන එහෙත් දේශපාලන චරිත වලට අසත්‍ය වූත් අසභ්‍ය ආකාරයකින් බැන වදින විඩීයෝවක් සිරස මාධ්‍ය ආයතනය සහ දෙරණ ආයතනය මගින් විකාශය කිරීමත් සමග ජනමාධ්‍ය ආචාර ධර්ම කෙරෙහි කතිකාවතක් නැවතත් මතු වෙමින් පවතී.

විශේෂයෙන්ම සමාජ ජාල තුළ මධ්‍යස්ත ජනතාව සහ රටෙහි සිටින ප්‍රාමාණික උගතුන් මෙය දකින්නේ සිරස ආයතනය සහ දෙරණ ආයතනය ජනමාධ්‍ය ආචාර ධර්ම මුලිමනින්ම උල්ලංඝනය කර ඇති බව ය.

ජනමාධ්‍ය ආචාර ධර්ම යනුවෙන් හදුන්වනේ කුමක්ද?

1. සත්‍යවාදී බව – Truth Telling
2. නිදහස – Independence
3. හානිය අවම කිරීම – Minimizing Harm
4. වගකිව යුතු බව – Accountability
යනා දී වශයෙනි.

ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය (Accuracy) බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.

ප්‍රජාව ගුණාත්මක මාධ්‍ය ක්‍රියාවලියක් බලාපොරොත්තු වන අතර එය සත්‍යවාදී (Truth), නිවැරදි සහ සාධාරණ (Accuracy and Fairness) විය යුතු ද වේ (Commission on Freedom of the Press, (1947). නිවැරදි බව ගොඩ නැගිය යුත්තේ ඒ පිළිබඳ දුටු පමණින් හෝ ඇසූ පමණින් නොව ඒ පිළිබඳ ගැඹුරු චින්තනමය සහ පර්යේෂණාත්මක දෘෂ්ටියකිනි. සාධාරණ බව සත්‍යවාදී බව මත පදනම් වන අතර එය සිද්ධියට භාජනය වන්නාගේ ප්‍රවේශයේ සිට ගොඩ නැංවීම වැදගත් වේ (Krugner, 2004). සත්‍යවාදී බව මානව වර්ගයාගේ (Human Kind) සහවාසීකරණය සඳහා ඉතිහාසයේ සිටමගොඩ නැගුනු ගුණාංගයකි. ගුටෙන්බර්ග්ගේ (Gutenberg) කාලයේ සිටම මාධ්‍යයේ මූලිකම ගුණාංගයක් ලෙස මෙය ගොඩ නැගුණු බැව් පෙනේ. දර්ශනය ආදී විෂයන් තුළ, නෛතික ක්ෂේත්‍ර තුළ, ආගමික, දෙමව්පිය, ගුරු ආදී සමාජ පද්ධති තුළ අනුකලනාත්මක බව මෙය පදනම්ව ගොඩ නැගුනිි.

සත්‍යවාදී බව ගිලිහෙන විට සමාජ අනුකලනය සහ විශ්වසනීයත්වය ද බිඳ වැටෙනු ඇත. සත්‍යවාදී බව තුළ මානව ගරුත්වය සුරැකෙන අතර පුද්ගලයා පරයා යාමේ පදනම් ද බිඳ වැටෙනු ඇත. එමෙන්ම අන්‍යෝන්‍ය තේරුම් ගැනීම් ගොඩ නැගෙනු ඇත. තොරතුරු අභිනතියෙන් තොරව සාධාරණීකරණය වීම අත්‍යවශ්‍ය වේ.

ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත් මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය (Professionalism) තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප්‍රධාන පැතිකඩ දෙකකි.

සිරස ආයතනය දෙරණ ආයතනය මගින් විකාශය කරනු ලැබූ විඩීයෝව අකිල විරාජ් සහ අගමැති රනිල් වික්‍රමසිංහ බුදියන බව සදහන් කරයි.එම කාන්තාව ප්‍රකාශ කරන දෑ සත්‍යක් යැයි කියා ඔප්පු කල හැකි වන්නේ කෙසේද?අකිල විරාජ් යනු එජාප මහලේකම්වරයා සේම විවාහක පුද්ගලයෙකි.එමෙන්ම දෙදරු පියෙකි.

එලෙස විවාහක පුද්ගලයෙක්ට එම කාන්තාව මෙසේ නින්දා අපහාස කිරීමේ යටි අරමුණ පැහැදිලිය.එනම් දේශපාලනය මතාවාදයයි.ප්‍රශ්නය ඇත්තේ එතැන නොව.ඇය විසින් කරනු ලැබූ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය නොසොයා ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් මගින් විකාශය කිරීම ජනමාධය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් නොවේද?

සිරසට එජාපය සමග ගැටුලුවක් තිබෙන්නට පුලුවන්.නමුත් එම ගැටලුවට ප්‍රසිද්ධියේ කාන්තාවක් සිදු කරන ප්‍රකාශයක් භාවිත කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවලියක් ද?

මෙලෙස සමාජයේ සිටින සෑම අයෙකුගේ කුනුහරුප සහ පදනමකින් තොර වන අදහස් මාධ්‍ය තුළ පල කිරිමේන් දෙරණට සහ සිරසට මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවිය හැකි ද?

එම විඩීයෝව තුළින් මහින්ද රාජපක්ෂ පාලන සමය ගැන කිසිදු සදහනක් නොකරයි.පක්ෂපාති ලෙස පල කර ඇගේ අදහස වාර්තා කරමින් මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම අනුමත කළ හැකි ද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here