මහ ඇමති ඉසුරට ජනපතිගෙන් දැඩි අවවාද – පුටු ගෙන්වීමත් නවති

0
215

මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන බස්නාහිර පළාත් සභාවේ සුඛෝපභෝගී පුටුව සම්භන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් විණි. පළාතේ ආණ්ඩුකාර තැන්පත් හේමකුමාර නානයක්කාර මහතාව ඉකුත්දින දුරකතනයෙන් සම්භන්ධ කරගත් ජනාධිපතිවරයා , වහාම අදාල ටෙන්ඩරය නැවැත්විය යුතු බවත් ජනතා මුදල් කිසිසේත්ම  මෙවැනි නාස්තිකාර වැඩ සඳහා යොදා නොගත යුතු බවත් අවධාරණය කර ඇති බව සඳහන්..

ඉන් නොනැවතුනු ජනාධිපතිවරයා පළාත් සභාවේ ප්‍රභලයන් කිහිපදෙනෙකුම හදිසියේම තම මන්දිරයට කැඳවා ඔවුන් වෙත තරයේ අවවාද කර ඇති අතර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාව මෙහිදී දැඩි ලෙස විවේචනය කළ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ සඳහා වැය වන මුදල් මධ්‍යම රජයේ නොවූවත්, ඒවාද මහජන මුදලින් නඩත්තු වන ආයතන බව සිහි තබා ගන්නා ලෙසයි. තවද නැවත මෙවැනි වැරදි සිදුනොවීමට වගබලාගතයුතු බවත්, අදාල යෝජනාව පළාත් සභාව වෙත ආ විගස එයට අනුමැතිය ලබා දී පසුව එයට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් සම්භන්ධයෙනුත් තමන් දැඩි සේ අප්‍රසාදයට පළ කරනා බවත් මෙහිදී  ජනාධිපතිවරයා සඳහන් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here