ගෝ්‍ඨාගේ ජනාධිපති සිහිනය බොදව යයි- පුරවැසිභාවය ඉවත් කිරීමට ඇමෙරිකාව ඉඩ නොදුන් හැටි

0
363

ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් අවසන් ව තිබෙන බව වාර්තා වේ.වාර්තා වන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ එම පරීක්ෂණ දෙකම අසමත් වී ඇති බව දැනගන්නට ලැබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝ්‍ඨාභය රාජපක්ෂ අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණයට පෙනී සිටීම සදහා මෙසේ පිටත්ව ගියේ ය.

මේ දක්වා ගෝඨාභය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යහපත් ප්‍රතිචාර දක්වා නොමැති අතර ඊට මුළිකව හේතු වු කරුණු කිහිපයක්ම ඔහුන් පෙන්වා දි තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔහුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අයදුම්පත්‍රයට අදාළව ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here