විදුලි සැර වැදී මිය ගිය සරසවි සිසුවා වෙනුවෙන් ජනපති මෛත්‍රී මූල්‍ය පරිත්‍යාගයක් දුන් හැටි

0
106

කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී විදුලි සැර වැදීමෙන් මියගිය සිසුවෙකු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණි.

කැලණිය විශ්ව විද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විදුලි සැර වැදී පසුගිය ජුනි 18 වැනිදා ජීවිතක්ෂයට පත් විය. ඇඹරැල්ලා ගෙඩි කැඩීමට යොදා ගත් යකඩ කෙක්ක අධිබලැති විදුලි රැහැනක පැටලීමෙන් ඔහු ජිවීතක්ෂයට පත් විය.

මියගිය සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් ජනාධිපති අරමුදලෙන් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අනූව පියවර ගෙන තිබේ.

කලා පීඨයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහගේ පියා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා අතින් එම මුදල් පරිත්‍යාගය භාර ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here