බ්‍රසීල තානාපති සේවයේ යෙදී සිටි ගැබිණි මවකට ෆෙස්ස්බුක් ගිණුමේ ඡායාරුප භාවිතා කොට මඩ ගැසූ ලංකා ඊ නිවුස්ට වැඩ වැරදුණු හැටි

0
676

ලංකා ඊ නිව්ස් වලට අනුව ජනාධිපතිතුමා හා ඇය සමීප ඥාතී වුවත් ඇය පවසා ඇත්තේ ජනාධිපතිතුමාගේ හා ඇගේ වාසගම එක සමාන වූවත් එවැනි කිසිදු ඥාති සම්බන්ධයක් නැති බවයි.එවැනි ඥාතීත්වයක් ඇතොත් ඔප්පුකර පෙන්වන ලෙසට ඇය ඊ නිව්ස් වෙත අභියෝගයක්ද ඉදිරිපත් කර ඇත.ලංකා ඊ නිව්ස් වලට අනුව ඇය තානාපති සේවය සදහා කිසිදු සුදුසුකමක් නැති අයෙකි.

.නමුත් සැබවින්ම ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන පෙළ ඉහල පන්ති සාමාර්ථයක් සහිත උපාධිධාරිනියකි.එමෙන්ම ඇය රාජ්‍ය සේවයේ වසර 10ක් ඉක්මවූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරිනියකි.රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර තානාපති සේවයට අදාළ තරග විභාගයට පෙනී සිට එය සමත් වී සම්මුක පරීක්ෂණ 2කට මුහුණ දීමෙන් අනතුරුව ඇය මෙම සේවයට පැමිණි බව ඇය වැඩිදුරටත් ප්‍රකාශකර සීටී.
එමෙන්ම පවතින මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් ලංකා ඊ නිව්ස් ඇයගේ ස්වාමිපුර්ශයාට පවා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි පිළිකුල් සහගත ලෙස මඩ ගැසීමට කටයුතු කර ඇත.

සැබවින්ම මාධ්‍ය නිදහසට මුවා වී නින්දිත ලෙස හැසිරෙන වෙබ් අඩවිවල නිරුවත සියල්ල එකතු වී හෙලිකල යුතුය.උන්
පවසන ආකාරයට ඇගේ ස්වාමියා ද තානාපති කාර්යාලය තුල කොන්සියුලේට් හෙල්පර්වරයෙකු ලෙස සේවය කරමින්,එහි නිලධාරීන්ට තමා ජනාධිපති තුමාගේ ලගම ඥාතියෙකු බව පවසමින් ඔවුන්ව බිය වද්දමින් අයතා කටයුතුවල නිරතවන බවයි. නමුත් සත්‍ය නම් ඇයගේ ස්වාමියා එම කාර්යාලයේ සේවය කරනවා තියා කිසිදු දිනක තානාපති කාර්යාලයට පැමිණ වත් නැත.සැබවින්ම ඔහුට එහි තනතුරක් නැත.

ඔහු අවු.3ක සිට තම කුඩා දරුවා රැකබලා ගනිමින් නිවසේ සිටී.එමෙන්ම ඇය හා ඇගේ ස්වාමියා බ්‍රසීලය තුල ලංකාවේ ගල් අරක්කු හා බාබකියු බයිට් විකුනන බවට වූ කතාවද අසත්‍යක් බව ඇය පවසා සිටී.එමෙන්ම මෙම අපහාසයට විරුද්ධව ඇය ඉදිරියේ නඩු පැවරීමටද බලාපොරොත්තුවෙන් සිටී.නමුත් ඇය කාර්යාල නිමවී වේලාසන ගෙදර යන කතාව නම් සත්‍යකි.ඊට හේතුව ඇය මේ වනවිට ගර්භනී තත්වයේ සිටීමයි.නමුත් එය ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට අනුව නිත්‍යානුකුල දෙයකි.සබවින්ම කාන්තාවකගේ ගර්භනී භාවයට පවා නිගරු වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිතා කරමින් පහත් පෙලේ දේශපාලනික ආශාවන් ඉටුකර ගැනීමට හදන මෙවැනි වෙබ් අඩවි පිළිකුලෙන් හෙළාදැකිය යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here