2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දි මහ රෑ සල්ලි ගෝනි අරලිගහ මන්දිරෙන් පැන්නූ හැටි

0
361

2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ අරලියගහ මන්දිරයෙන් පිටකර තිබෙන මුදල් නෝට්ටු විශාල ලෙස ඇතුළත් වුණ මුදල්ගෝනි කිහිපයක් සම්බන්ධව තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ.

එම ගෝනිවල තිබුණ මුදල්වලින් කොටසක් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අතට පත්වී තිබෙන බවට ලැබී තිබෙන තොරතුරු ඔස්සේ ඉහළපෙළේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් මේ වන විට ඉතා රහසිගතව සිදු වෙමින් පවතී.

මෙම මාධ්‍යවේදීන් මුද්‍රිත මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවිවලට සම්බන්ධ බවටත් වැඩිදුරටත් පරීක්ෂණ අංශ සොයාගෙන තිබේ.

එක් මාධ්‍යවේදියෙකුට රාජපක්ෂ පාලන සමයේදී රජයේ ප්‍රබල ආයතනයකින් රුපියල් පනස්දහසක් මාසිකව ගෙවා තිබෙන බවට ලේඛනයක් පරීක්ෂණ අංශ මගින් සොයාගෙන තිබේ.

තවත් මාධ්‍යවේදියකු බස්නාහිර පළාතේඅ ධි සුඛෝපභෝගී සිව්මහල් නිවසක් ඉදිකරගෙන යන අතර එම දේපල පිළිබඳව සියලුම තොරතුරු පරීක්ෂණ අංශ මේවනවිට සොයාගෙන තිබෙන බවටත් ආරංචිමාර්ග පැවසීය. අරලියගහ මන්දිරයෙන් පිටකළ මුදල් නෝට්ටු ඇතුළත් මුදල් ගෝනි එවකට සිටි බලසම්පන්න නිලධාරියකුගේ ලේකම්වරියකගේ කාරයේ අවශ්‍ය ස්ථාන කරා ගෙන ගොස් තිබෙන බවටත් වැඩිදුර ආරංචිමාර්ග අනාවරණ්‍ය කෙළේය.

රාජපක්ෂ පාලන සමයේදී තමන්ට අවැසිලෙස ක්‍රියාකිරීමට මුදල් ගෙවමින් මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් පෝෂණය කර තිබෙන අතර තවමත් එම කටයුත්ත සිදුවන බවටත් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේවනවිට සිදුකරගෙන යන බව වාර්තාවෙයි.

උපුටා ගැනීම – දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here