මතුගම තෙවරප්පෙරුම කරළියට – සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනතාව අවදි විය යුතුයි

0
459
ත්‍රාසජනක විකට ජවනිකා රටට පෙන්වූ කැලණියේ ‘මර්වින්’ වෙනුවට මතුගම ‘තෙවරප්පෙරුම’ කරළියට පැමිණ සිටී.  රාජ්‍ය සේවකයන්ව ගස් බැඳ දඬුවම් ලබා දෙමින්, මාධ්‍ය ආයතනවලට කඩා වැදී තර්ජනය කරමින්, මර්වින් සිල්වා රඟදැක්වූ නරි නාටක පාලිත තෙවරප්පෙරුමද ජනතාව හමුවේ රඟදක්වමින් සිටී.එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට පවා වරෙක පහර දීමට ඉදිරිපත් වූ, ප්‍රාදේශීය දේශපාලනඥයකුට ප්‍රසිද්ධියේ පහර දුන් පුද්ගලයෙක් ලෙස පාලිත තෙවරප්පෙරුම හැදින්විය හැකි ය.
මේ ආකාරයට විමල් වීරවංශ පොලිසියට බැන වැදීම රාජපක්ෂ පාලන සමය තුළද සිදු විය.ගෝඨාගෙන් කෝල් එක ගෙන නිළධාරීන් බිය වද්දා ඔවුන්ගේ රාජකාරියට බාදා වන අයුරින් කටයුතු කිරීම සිදු විය.කොටින්ම කිවහොත් නිතීය එවකට පාලන සමයේ අරලියගහ මන්දිරයෙන් පාලනය විය.දැන් මෙය පාලිත තෙවරප්පෙරුම අතට ගෙන තිබේ.ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපවූ පිරිස් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් හඩ නගන සියල්ලන්ම මෙයට එරෙහිව නැගී සිටිය යුතු ය.

තෙවරප්පෙරුම මහතාගේ කතාබහෙන් හා හැසිරීමෙන් ප්‍රකට වන්නේ ‘සංස්කෘතිය’ ගැන මෙලෝ හසරක් නොදන්නා බවය. නොඑසේනම් පාසල් දරුවන් ඉදිරියේ දිවි නසා ගන්නට තැත් කරන්නේ නැත.දිවි නසාගැනීම මෙරට පවතින නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. බෞද්ධ ධර්මය අනුවද මනුෂ්‍යයා සියදිවි තොර කර ගැනීම පාපයක් ලෙස සැලකේ. එහෙත් පාසලක විදුහල්පතිගේ කාර්යාල කාමරයේ විදුලි පංකාවක එල්ලී නියෝජ්‍ය ඇමැතිවරයා දිවි නසා ගැනීමට තැත් කර ඇත්තේ දරුවන් – මවුපියන් – ගුරුවරුන් බලා සිටියදීය; ඔවුන් ඉදිරියේය. එය මෙරට සංස්කෘතියටත්, සදාචාරයටත් එරෙහිව යෑමක් මෙන්ම රටේ නීතියද උල්ලංඝනය කිරීමකි.

මෑතකදි පොලිස් විශේෂ කාර්ය බලකාය තම රාජකාරියට කරමින් සිටියදී ඔවුන්ට බාදා කරමින් නීතිය තමන් අතර පාලිත තෙවරප්පෙරුමගේ ක්‍රියා කලාපය ජනතාවට පෙනෙන්නේ අප්‍රසන්න දෙයක් ලෙස ය.

මේ අතර තෙවරප්පෙරුම ඇමතිවරයා සත්තු පස්සේ යමින් සතුන් දඩයම් කරමින් නිතීය අතටඑ ගනිමින් හැසිරුණු ආකාරය මීට පෙර ඔබ දැක ඇත.මේ ආකාරයට ඇමතිවරයා සත්තු පස්සේ යමින් විකාර වැඩ කරමින් රටේ දැවෙන ප්‍රශ්නයක් යැයි සිතා විකාර ෂෝ දමමින් හැසිරෙන්නේ ඇයි.ප්‍රශ්නයක් තිබේ නම් අමාත්‍යංශ ලේකම්වරයාගේ මාර්ගයෙන් එයට අදාල බලතල භාවිත කරමින් නියෝග ලබා දී එය විසදිය හැකි ය.‍

වනජීවීයේ සිටින සාමාන්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරෙමින් කටයුතු කිරිමට වඩා ඇමතිකමින් ඉවත් වී වන ආරක්ෂක නිළදාරියෙක් වූ අදාල වැඩේ කරන්නේ නම් ගැටලුවක් නැත.

බොරු ෂෝ දමමින් තවදුරටත් ජනතාවට විහිලු නොසපයා – වනජීවියේ සෑබෑ ප්‍රශ්න විසදීමට ක්‍රියා කළ යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here