2020 ජනාධිපති අපේක්ෂකයෝ සහ වෙල්ගමගේ වහල්භාවය සමග සජිත්ගේ හීනමානය

0
205

2020 ජනාධිපතිවරණයට තවත් බොහෝ කල් ඇත.ඒ අස්සේ අප කතා කුමාර වෙල්ගම ගැන කතා කර යුතුයි.ගෝ්‍ඨාභයට සෘජු ලෙස පහර දෙමින් මහින්දව නැවත ජනපති කළ යුතු බව ඔහු කියයි.මෙලෙස රාජපක්ෂ වන්දනනාවේ යෙදෙන කුමාර වෙල්ගමලා ඇතුළු ඒකාබද්ධයේ අනිකුත් අය තමන්ට ජනාධිපති විය හැකි නොසිතන්නේ ඇයි?රාජපක්ෂලාට වහල්කම් නොකර තප පෙරමුණ ඇතුලෙන්ම සටන් කරමින් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි ඇයි?

මහින්ද රාජපක්ෂට ඇති කාන්තා ආකර්ෂණයම කුමාර වෙල්ගමට ද ඇත.නයනා කුමාරිගේ කතාව අද වනවිට රටම දනී.එසේ කරුණු කාරා තිබියදි තම සන්ධානය වන පොදුජන පෙරමුණෙන් එලියට නොයා ස්වාධීනව සටනක් කරමින් ජනාධිපති අපේක්ෂකයෙක් වීමට උත්සාහ නොකරන්නේ ඇයි.එසේ විමට හේතු වී තිබෙන්නේ වහල්භාවය සහ වහල්කමයි.

නමුත් මහින්ද රාජපක්ෂලාගේ මෙම වහල්භාවයට විරුද්ධව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් 21වනදා එවකට පැවැති ආණ්ඩුවෙන් පිටතට පැමිණෙමින් නව දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දෙනු ලැබීය.එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා බවට පත් වීමට ඔහුට හැකි විය.

එසේනම් කුමාර වෙල්ගමටද එසේ කළ නොහැක්කේ ඇයි?මහින්ද හා සමාන උසක් ඇති,මනා පෞරුෂයක් ඇති වෙල්ගමලා ජනාධිපති අපෙක්ෂකයෙක් වීමට සුදුසු නොවේ ද?

සජිත් ප්‍රේමදාස යනු දක්ෂ එමෙන්ම ජනතා ආකාර්ෂණයක් ඇති නායකත්වයකි.නමුත් දුර්වල එජාප නායකත්වයට අභියෝග කරමින් එජාප රජයක් බිහි කිරිමට ඔහු අකමැතිය.එනම් හීන මානය නිසාවෙනි.මම තමයි සුදුසු යනුවෙන් කිව්වාට වැඩක් නැත මෛත්‍රී මෙන් ආණ්ඩුවෙන් එලියට පැමිණ හෝ ඇතුලේ සිට තමා සුදුසු අග්‍රාමාත්‍ය තනතුර සදහා අරගලය කප යුතු ය.

වත්මන් ජනාධිපතිවරයා කිහිපවතාවක්ම අගමැති ධූරය භාර ගන්නා ලෙස සජිත්ට ආරාධනා කරේය.නමුත් ඔහු භාර නොගත්තේ ය.එ හීනමානය සහ නායකත්වයට ඇති බිය නිසා ය.2020දි වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එජාප රජයක් බිහිකිරිමට අවශ්‍ය සජිත් තමන්ගේ හීන මානය නැති කරගත යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here