ගෝ්‍ඨාභය නියත වශයෙන්ම කැපී යන හැටි

0
133

විවිධ ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට දායකවීම සහ වෙනත් අපරාධ ගණනාවකට මූලික වගකිව යුත්තා බව තහවුරු වීමත්,රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකුගේ අනුග්‍රහය නොලැබීමත් නිසා ඇමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනය ස්ථිර වශයෙන් ම කැපී ඇති බව වාර්තා වේ.

මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවේදි විශාල මූල්‍ය අපරාධයක් සිදු කර තිබීම,මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සහ පුද්ගලයින් ගණනාවක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කීරීම සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම ඇතුලු අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධය හෙළි ව තිබේ.

ඊට අමතරව විශේෂ මහාධිකරණයේ විභාග කිරීමය නියමිතව තිබෙන රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිතයට ගැනීම ආදිය සම්බන්ධයෙන් ඔහු චූදිතයෙකු වී සිටී.

මෙයට අමතරව මහින්ද රාජපක්ෂ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන දේශපාලනයට සෘජුව සම්බන්ධ රාජපක්ෂ සහෝදරයින් අතරින් කිසිවෙකුගේ අනුමැතිය ද ගෝඨාභයට හිමි ව නැත.දේශපාලනයට පිවිසීමට පිළිබද මූලික තීරණය සකස් කරගන්නා ලද්දේ හිතුවක්කාරි අන්තනෝමතික තීරණයක් අනූව ය.

මහින්ද රාජපක්ෂ නිල නොවන නායකත්වය දරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කුමාර වෙල්ගම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකු ද,මාතපේ,බදුල්ල,අනුරාධපුරය,මොනරාගල,ගාල්ල,මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධානීන්ද ගෝඨාභයට විරෝධය පල කර ඇත.මීට අමතරව වාසුදේව නානායක්කාර,දිනේෂ් ගුණවර්ධන යන ආදීන් හේතුකොට ගෝඨාභයට කිසිසේත්ම දේශපාලනයට පිවිසීමට ඉඩක් ඉතිරි වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here