පොලිසීය ජනපති මෛත්‍රී යටතට ගන්න – ශ්‍රිලනිප කණ්ඩායමකින් යෝජනාවක්

0
164
  • ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලනිපයේ කණ්ඩායමක් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක ප්‍රකාශ කර සිටී.

ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ බවත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බව පවසමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කිරීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ මස 19 වැනිදා පක්ෂයේ නායක ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට කණ්ඩායමක් සූදානමින් සිටින බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here