කල වරද නිවැරදි කරගන්න,කරුණාකර ගස් දස ලක්ෂයක් සිටුවන්න -ජනපති බදියුදීන්ට නියම කරයි

0
124

තමන් වෙනත් ජනාධිපතිවරු තබාගෙන සිටි මුදල් අමාත්‍යාංශ වැනි බලවත් අමාත්‍යධූර අතහැර පරිසර අමාත්‍යාංශය තෝරාගත්තේ පරිසරයට ඇති ආදරය හා බැඳීම නිසා බවත් ඒ නිසාවෙන් පරිසරය රැකීමට ඇප කැපවී කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(5) මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.තවද පරිසර විනාශය ප්‍රබල ගැටලුවක් බැවින් එය නතර කල යුතු බවත් ප්‍රකාශ කල ජනපතිවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ගස් දස ලක්ෂයක් සිටුවන්නැයි පැවසීය.

රාජ්‍ය සේවකයන්ට පරිසරය රැකීමේදී දේශපාලන අධිකාරීන්ගෙන් බලපෑම් ඇත්නම් සෘජුවම තමා දැනුවත් කරන්නැයි ජනපති ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here