ශිෂ්‍යත්වෙන් පස්සේ දරුවන්ව පිඩා වෙනවා – දෙමාපියන්ව දැනුවත් කරන්න වැඩසටහනක් අරඹන ලෙස ජනපති උපදෙස්

0
86

පහවසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනගතය තීරණය කරන එකම කඩඉම බවට මවුපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ශිෂ්‍යත්ව සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේ දැයි සෑම වසරකම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර මවුපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට (06දා) එක්වෙමිනි.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදුවූ පීඩාකාරී සිදුවීම් රැසක්ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ මේ පිළිබඳ සියලු අධ්‍යාපන බලධාරීන්ගේද අවධානය යොමු විය යුතු බවය.

අද දින සමරන ගුරු දිනය නිමිත්තෙන් සමස්ත ගුරුවරුන්ට මෙහිදී සිය සුබාශිංසනය පළ කළ ජනාධිපතිවරයා ගුරු සේවයේ විශිෂ්ට මෙහෙවරද ඇගැයීමට ලක් කළේය.

නිදහස් අධ්‍යාපනයෙන් සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කිරීමට ගුරුවරුන් සිදුකරන කැපවීම අගය කළ ජනාධිපතිවරයා ගුරු වෘත්තියේ අයිතිවාසිකම්, වරප්‍රසාද දිනාදීමට මෙන්ම ගුරුවරයාට හිමි ඉහළම ගෞරවය ලබාදීමට රජය කටයුතු කරන බවද කීය.

මහනුවර ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

“ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිවරයා අතිනි.
විදුහල්පති නිල නිවෙස ඇතුළු නවීකරණ කටයුතු විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි. විද්‍යාලයේ 2017 වසරේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
විද්‍යාලයේ ආදර්ශ ගොවිපළ ද ජනධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන ඒරභප ඡ්ය ම්චදඤර 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රර්ශනය නැරඹීමටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙරවරුවේ එක්විය.

පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙන යෑමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්ව වසර දෙකකට වරක් සංවිධානය කරන ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 04 වැනි වරටය. ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වෙයි.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ අතර කාර්ය මණ්ඩලය සමඟද සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය ගීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක්ද, පළාත් පාලන ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේසුන්දර මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here