ජනපතිගෙන් සීෂෙල්ස් රාජ්‍යයට වෛද්‍යය පුහුණුව සහ හමුදා පුහුණුව දෙන්න පහසුකම්

0
167

ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ය.

මේ අතර එරට Lanka Hospitals නව ශාඛාවක් විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ(08) පස්වරුවේ එක්වූ අතර පස්වරුවේ සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

සීෂෙල්ස් හි සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහය ලබාදීම සිදු කෙරෙන අතර එම කටයුතු පිළිබදව ද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

රෝහල වෙත වෛද්‍ය උපකරණ සහ ඖෂධ පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම සීෂෙල්ස් ආරක්ෂක හමුදාව සඳහා ශ‍්‍රී ලංකාව තුළ හමුදා පුහුණු අවස්ථා ලබාදීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අධිකරණ සහ නීති කෙටුම්පත් අංශ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහයවන ලෙස ද ඉල්ලීමක් කළේය.

මෙම ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලන බව ප‍්‍රකාශ කළ අතර සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ ශිෂ්‍යත්වය 10 ක් වාර්ෂිකව ලබාදීමට එකඟතාවය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතා සඳහන් කළේ මිතුරෙකු වශයෙන් නොව සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාව සීෂේල්ස් රාජ්‍ය වෙත ලබාදෙන සහය ඉතාමත් ගෞරවයෙන් අගය කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here