ජනපතිගේ බලතල එහෙම හොල්ලන්න බෑ-අධිකරණ තීරණයෙන් ජවිපයේ අගමැති බලවත් කිරීමේ තැත වරදී

0
118

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.

ඒ අනුව 20 වැනි සංශෝධන පත්‍රයේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලගැන්විය යුතු බව දැක්වෙන අවසන් වගන්තිය වන 38 වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලට අදාල තීන්දුව කතානායකවරයාට යවා ඇති බව දක්වමින් නියොජ්‍ය කතානායකවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත් මධ්‍යස්ථ ව්‍යවස්ථා විශාරදයින්ගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති බලතල සීමා කරන මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කිරීමට මුලා පුරා තිබුණේ ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයා ලබා දීමේ වැඩපිලිවෙලක් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here