පූජිත්ගේ වැඩ නිසා විනාශ වූ පොලිසිය ගැන ජනපති මෛත්‍රී හිටපු පොලිස්පතිවරයෙක් සමග සාකච්ඡාවක

0
200

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු පොලිස්පතිවරයෙකු සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ.

හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර මෙලෙස මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මතුව ඇති විවේචන සහ අර්බුද පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් එම සාකච්ඡාවට එක්ව තිබේ. දෙපාර්ශ්වය අතර පැය දෙකකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

මේ අතර ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41 E වගන්තියට අනුව එහි නව නිලධාරී මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරී මණ්ඩලයට එහි කටයුතු සිදුකළ හැකි ය. මේ වනවිට පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ පී. එච්. මනතුංගයි. ජාතික පොලිස් කොමිසමට ගතවූ වසර තුනේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 කට ආසන්නයි. ඉන් පැමිණිලි 500 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිසියට එරෙහිව ලැබී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here