මහාචාර්ය අමරා රණතුංග සමුගනියි

0
110

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය මෙසේ මිය යන විට 79 වැනි වියේ පසුවිය.

ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වන්නේද අමරා රණතුංග මහත්මියයි. ඇයගේ අවසන් කටයුතු ලබන 18 දා සිදුකිරීමට නියමිතව තිබේ.

ගුරුවරියක් ලෙස මෙන්ම කැළණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ ඈ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙන් මහාචාර්යවරියක් බවට පත්වූ පළමු කාන්තාව ලෙසද සැළකෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here