මාධ්‍යවේදීන් හමුවේ උත්තර නැති වූ මහින්ද පලා යයි

0
150
  • කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේ අද (18දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළද,ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

ජී.එල්.පීරිස් සහජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පමණක් එහිදී අදහස් පළ කළ අතර, පසුගිය පාලන කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර තිබූ බවට වාර්තා පළවීම හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීහු විමසීම් කළහ.

අවසානයේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි මහින්ද රාජපක්ෂ එම මාධ්‍ය හමුවෙන් පිටව ගිය බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here