ජනපතිගෙන් ප්‍රබල අමාත්‍යංශ රැසක් එජාපයට= අද සහ හෙට දහයක් ආණ්ඩුවට

0
234

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රීයේ ශ්‍රිලනිප අමාත්‍යවරු දිවුරුම් දුන් අතර නව ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යංශ ගණනාවක පුරප්පාඩු තවමත් ඉතිරිව තිබේ.

එම පුරප්පාඩු වූ අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂයෙන් නව ආණ්ඩුවට සම්බන්ධ වීමට පැමිණෙන මන්ත්‍රීවරුන් දස දෙනා සදහා ලබා දීමට නියමිතව තිබේ.

මෙහිදී ජනාදිපතිවරයා පවසා තිබෙන්නේ රට වෙනුවෙන් මෙම නව ආණ්ඩුව පිහිටුවීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ප්‍රබලම අමාත්‍යංශ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර වෙන් කර බව ය.

ඒ අනූව අද සහ හෙට දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නව ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර ගනු අැත.

එස්.බී නාවින්න අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් නව ආණ්ඩුවට ද සම්බන්ධ වන බව ය.

මේ අතර අද පැවැති ශ්‍රිලනිප මාධ්‍ය හමුවේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here