ආසි හේරො අදින වෙලාව ඇවිත් ජනපති හමුවෙන්න තරුණ මන්ත්‍රීවරු පිරිසක් එයි

0
139

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් තබා ගැනීමට ඔවුන්ට මුදල් දෙන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධාපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ 08 රාත්‍රීයේ පැවැති අතර හිටපු අගමැති දී.මු ජයරත්න, 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද සහභාගි වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here