ඇතුල කචල් මම අයින් වෙනවා හකීම් එජාපය හැරයයි

0
157

එක්සත් ජාතික පක්ෂයේ කැළඹීමක් තිබෙන බවත් එජාපයේ වෙනසක් වීම එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසී ය.

මේ බව කියා සිටියේ මක්කම ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

බලයට පත්වන ආණ්ඩුවකට සහය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ මහමැතිවරණයේදී ස්වාධීනව තරඟ කිරීමෙන් පසු බව හකීම් මහතා පැවසී ය.

වර්තමාන අර්බුදයට විසදුමක් ලබාගන්නේ කෙසේද යන්න ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here