ඉතිහාසයේ දැවැන්තම දෑහිතකාමී සන්ධානය ඇරඹේ විස්තරේ මෙන්න

0
530

ශ්‍රීලනිපය හා ‍පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව නව පෙරමුණක් නිර්මාණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අනුමැතිය දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බි. දිසානායක පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

ජාතික ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායම ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එකතු වූ විට වාසුදේව නානායක්කාර ඇමැතිවරයා නව සංවිධානයක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ඊට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත්කොට මෙම නව පෙරමුණ නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. එම නව පෙරමුණේ ලකුණ සමහර විට අලුත්ම ලකුණක් විය හැකි බව එස්.බි. දිසානායක අමාත්‍යවරයා පැවැසීය.

මෙම නව පෙරමුණ සඳහා ශ්‍රී ලනිපය, ‍පොදුජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ ඇතුළත් වන අතර මෙහි මූලික කටයුතු කෙටුම්පත් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here