ජනපතිගේ තීරණය නිත්යනුකූලයි පාර්ලිමේන්තුව විසුරුවීමේ තීරණයට ඉඩදෙන්න නීතිපති ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

0
102

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගත් නීත්‍යානුකූල තීරණයක් බව මීට සුළු මොහොතකට පෙර නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ පෙත්සම් අද(13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය.

මේවන විට අධිකරණ කටයුතු විනාඩි 15කට කල් තබා තිබේ.

මේ අතර අධිකරණ සංකීර්නයේ ආරක්ෂාව වැඩි කර ඇති අතර පොලිස් නිළධාරීන් 200ක් පමණ යොදවා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here