දෑහිතකාමී නව සන්ධානයට අලුත්ම නමක් ජනපති අගමැති කැමති අලුත් නම මෙන්න

0
237

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

වාර්තා වන අන්දමට එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යි. මේ සදහා වන මැතිවරණ සලකුණු සාකච්ඡා මට්ටමේ පවතින බවද වාර්තා වේ.

කෙසේ හෝ පිහිටුවන නව පෙරමුණේ විධායක සභාවේ සාමාජික ප‍්‍රමාණයෙන් 52%ක පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙල උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිත බවද කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here